තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රනිල්ට ජනපති අපේක්ෂකත්වය දෙන්න නම් පොහොට්ටුවෙන් කොන්දේසියක්

    රනිල්ට ජනපති අපේක්ෂකත්වය දෙන්න නම් පොහොට්ටුවෙන් කොන්දේසියක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගන්නේ නම් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

    පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

    එහිදී මාධ්‍යවේදියෙක් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා පැවසුවේ, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා පොහොට්ටුව ලකුණ යටතේ. එතුමාටත් පුළුවන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටු සාමාජිකත්වය අරන් එන්න. එහෙම වුණොත් අපි සලකා බලනවා.” යනුවෙනි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img