fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ බුද්ධි අංශ ලොක්කාට උසස්වීමක් - ඉහළ නිලධාරීන් පිරිසකටත් ස්ථාන මාරු

    පොලීසියේ බුද්ධි අංශ ලොක්කාට උසස්වීමක් – ඉහළ නිලධාරීන් පිරිසකටත් ස්ථාන මාරු

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු දෙදෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිරයේ වැඩ බැලීමට පත්කරමින් එම නිලධාරීන් ඇතුළුව ඉහළ පොලිස් නිලධාරීන් 15 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

    නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු හා පොලිස් අධිකාරිවරු මේ අතර සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාශය සඳහන් කළේය.

    නියෝජ්‍ය පොලිස්පතිධූරයේ වැඩ බැලීම සඳහා උසස්වීම් ලබා ඇත්තේ පොලිස් බුද්ධි අංශය වන විශේෂ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ යාපනය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. ඒ. ජේ. විෂාන්ත යන මහත්වරුන්ය.

    නිශාන්ත සොයිසා මහතා මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ධූරයේත් විෂාන්ත මහතා මඩකලපුව දිසාවේ නියෝජ්‍ය පොලිස්පතිධූරයෙත් රාජකාරි ඉටුකිරීමට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

    මේ හැරුණු කොට පොලිස් ක්ෂේත්‍ර මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ජී.අයි.ඩී.ආර්.විජේසිංහ මහතා නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් අනුරාධපුර දිසා නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ජී.ඒ.එන්.එල්.විජේසේන මහතා කළුතර දිසාව භාර නියොජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වූ අයි.බී.ටී.සුගතපාල මහතා එම තනතුරේ සිට අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථානමාරුවීම් ලබාදී ඇත.

    මාතර හා හම්බන්තොට දිසා භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටිඒ.එල්.යූ.සරත් කුමාර පොලිස් ක්ෂේත්‍ර බලකා දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, මඩකලපුව දිසා භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ඒ.එල්.යූ.එන්.පී.ලියනගේ මහතා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිටි ඒ.එස්.පී.සී. වෙදමුල්ල මහතා බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථානමාරු ලබාදී තිබේ.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.එම්.ආර්. අඹේපිටිය මහතා කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී තනතුරේ සිට කොළඹ දකුණ කොට්ඨාස භාර නිලධාරී ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ.රූපසිංහ මහතා පුත්ත්ලම කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සිට කොළඹ උතුර භාර නිලධාරියා ලෙසත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩී.එල්.ඒ.සූරියබණ්ඩාර මහතා හලාවත කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට යාපනය කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පත් කර තිබේ.

    පොලිස් අධිකාරි කේ.ඒ.උදය කුමාර මහතා ජනාධිපති ආරක්ෂක කොට්ඨසයේ සිට පුත්තලම කොට්ඨාස භාර නිලධාරියා ලෙසත්
    පොලිස් අධිකාරි ඒ.පී.එස්,අමරතුංග මහතා මීගමුව කොට්ඨාසයේ සිට හලාවත කොට්ඨාස භාර නිලධාරියා ලෙසත් පත් කර ඇත.

    ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර්.පී.අමරිසිංහ මහතා ගම්පොළ කොට්ඨාසයේ සිට තෙල්දෙණිය කොට්ඨාසය භාර නිලධාරියා ලෙස මාරු කර තිබේ. පොලිස් අධිකාරි ජී.බී.ජේ.එස්.චන්ද්‍රසේකර බණ්ඩාර මහතා විභාග කොට්ඨාසයේ සිට විනය හා කල්ක්‍රියා කොට්ඨාසය අධ්‍යක්ෂ ලෙසත් මරු කර තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.