තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහනුවර උසාවියට බෝම්බ බියක් -කොන්දොස්තරවරයෙක් කොටු

    මහනුවර උසාවියට බෝම්බ බියක් -කොන්දොස්තරවරයෙක් කොටු

    මහනුවර අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් තිබෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් ව්‍යාජ තොරතුරක් ලබාදුන් ගිනිගත්හේනේ පදිංචි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත. එම තරුණයා බස් රථ කොන්දොස්තරවරයෙකි.

    එම තරුණයාගෙන් පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන අතර ඔහු එහිදී පවසා ඇත්තේ තමාගේ ජංගම දුරකථනය පෙර දිනයේ සිට අස්ථානගතව ඇති බවය.

    අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇතැයි අද දින දුරකථන ඇමතුම ලැබී ඇත්තේ අධිකරණයේ කටයුතු සිදුවෙමින් පැවති කාලය තුලදීය. පොලීසිය පවසන්නේ පෙරවරු 10.00ට පමණ මෙම ඇමතුම ලැබී ඇති බවය.

    ඒත් සමඟ අධිකරණ කටයුතු නවතා විනිසුරුවරු, නීතීඥයින් ඇතුළු සියලු දෙනා අධිකරණ සංකීර්ණයෙන් පිටතට විත් ඇති අතර බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් මුළු අධිකරණ සංකීර්ණයම පරීක්ෂාවට ලක්කරනු ලැබීය.

    එහෙත් එහි තිබී සැකකටයුතු කිසිවක් හමුවී නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img