fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මට වඩා බැංකු කඩන එක ගැන පලපුරුද්දක් මෙයාට තියෙනවා"

    “මට වඩා බැංකු කඩන එක ගැන පලපුරුද්දක් මෙයාට තියෙනවා”

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37ක් නමුත් ඇතැම් දේශාපාලන පක්ෂ සමාජ මාධ්‍ය ඔස්සේ ණය ප්‍රමාණය, ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතදී ද පළකරන ඇතැම් කරුණු අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේග‍යේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අනුගාමිකයකු විසින් දැමූ පෝස්ටුවක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.

    ජනාධිපතිවරයා කියාසිටියේ අනුර කුමාර දිසානායක තමාට කිසිදු දිනෙක තුන්වැනි පන්තියේ අපහසා කර නොමැති බවත් ජවිපෙ නායකයා විනාශ කිරීමට ඇතැම් ඔහුගේම අනුගාමිකයින් කටයුතු කරන බවයි.

    අද (02) පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශය සිදු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    “සමහර දේශපාලන කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ අපේ විදේශ ණය ගැන විවිධ බොරු ආරංචි පතුරවනවා. අපේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාගේ අනුගාමිකයෙක් දාපු පෝස්ටුවක මෙහෙම තිබුණා. ආරංචිය සුබයි පිනා රට ගන්නකොට සමස්ත විදේශ ණය බිලියන 71යි දැන් 100යි. අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා සමග අපි වාද විවාද කරලා තිබෙනවා. හැප්පිලා තියෙනවා. හැබැයි එතුමා කවදාවත් මට මෙහෙම තුන්වෙනි පන්තියේ අපහාස කරලා නෑ. හැබැයි ඔබතුමාගේ සමහර අනුගාමිකයන් කටයුතු කරන්නේ ඔබතුමාවත් විනාශ කරන්න….
    ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිම රටක් අපට ණය දෙන්න කැමති උනේ නැති බව ඕනම කෙනෙක් දන්නවා. කිසිදු රටකට අපිට ණයක් දීමට නීත්‍යානුකූල අයිතියක් නෑ. ඉතින් මේ බොරු සමාජගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? කිසිම රටක් අපිට ණය දෙන්නෙ නැත්නම්, අපි කොහොමද ණය ගන්නේ? මම එංගලන්තෙ මහ බැංකුව කඩන්නද? ඒක මම දන්නෙ නෑ. දැන් මේ පුද්ගලයාට මට වඩා පලපුරුද්දක් තියෙනවා බැංකු කඩන එක ගැන.” යැයි ද ජනාධිපතිවරයා කීවේ සිනාසෙමින් මැතිසබය ද සිනාගන්වමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ සමස්ත විදේශ ණය බිලියන 37න් ඩොලර් බිලියන 10.6ක් ද්වී පාර්ශ්වීය ණය වන බවයි.

    එමෙන්ම ඇ.ඩොලර් බිලියන 11.7ක් බහු පාර්ශ්වීය ණය වන බවත්, ඩොලර් බිලියන 14.7ක් වාණිජ ණය වන අතර එයින් ඩොලර් බිලියන 12.5ක් ස්වෛරී බැඳුම්කර වන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ ය.

    පසුගිය ජුනි මස 6 වනදා මෙරට නිල ණය හිමියන් සමග ණය ආපසු ගෙවීමේ එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බව ද හෙතෙම කීය.

    ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අදාළ එකඟතාවයන්ට සහ ගිවිසුම්වලට අත්සන් තැබූ බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

    ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.