තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුහුදේ පාවූ බෝතලයක් බීම: මරණ ගණන ඉහළට -තවත් බෝට්ටුවලට බෝතල් බෙදලා

    මුහුදේ පාවූ බෝතලයක් බීම: මරණ ගණන ඉහළට -තවත් බෝට්ටුවලට බෝතල් බෙදලා

    මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක තිබූ ද්‍රව්‍ය මත්පැන් යැයි සිතා පානය කිරීමේ සිද්ධියෙන් මියගිය ධීවර යාත්‍රාවේ පුද්ගලයින් සංඛ්‍යාව මේ වනවිට 4 දක්වා ඉහළ ගොස් තිබේ.

    සෙසු දෙදෙනාගේ තත්ත්වය ද බරපතළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

    රෝගාතුරව සිටින ධීවරයින් දෙදෙනා සිංගප්පූරු වෙළඳ යාත්‍රාවකින් රැගෙන ගොස් හදිසි ප්‍රතිකාර ලබා දෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    සිංගප්පූරු යාත්‍රාව මගින් ධීවරයින් දෙදෙනා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව වෙත මුහුදේදී මාරු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

    ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “ඩෙවෝන් 5” නැමැති ධීවර යාත්‍රාවේ කාර්ය මණ්ඩලය මෙම අකරතැබ්බයට මුහුණපා ඇති බවයි.

    දියරයක් අඩංගු බෝතල් කිහිපයක් මුහුදේ පාවෙමින් තිබූ අතර ඒවායින් සමහරක් මත්පැන් යැයි උපකල්පනය කර ඔවුන් පානය කර ඇත.

    සන්නිවේදන උපකරණ හරහා හදිසි ප්‍රථමාධාර සඳහා වෛද්‍ය කණ්ඩායම් උපදෙස් ලබා දී ඇති බවත් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ඇති බැවින් ඒ වෙත තවත් යාත්‍රාවක් මුහුදට යැවීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බවත් ඔහු පැවසීය.

    එබැවින් ඔවුන් අසල වෙනත් යාත්‍රාවකට නංවා ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කරන බවද ඔහු පැවසීය.

    මෙතෙක් ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ ධීවරයින් විසින් මුහුදේ පාවෙමින් තිබූ බෝතල් කිහිපයක් සොයා ගත් බවත් ඔවුන් එම බෝතල්වලින් කොටසක් අසල පිහිටි ධීවර යාත්‍රාවලට බෙදා හැර ඇති බවත් වාර්තා වී ඇත.

    මෙම අනෙකුත් බෝට්ටු දැනුවත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img