2024 වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසමම පවසයි.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජනතාවගේ ලිඛිත අදහස් ලබන ජූලි මස 8 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ජූලි මස 9 වනදා පැවැත්වෙන බවත් සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා කීය.
ඒ අනුව මෙම ගාස්තු සංශෝධනයේදී විදුලි ගාස්තු අඩු කිරීමට නියමිත ය.
එම අඩුවන ප්‍රතිශත ජූලි මස 15 වැනිදා ප්‍රකාශ කිරීමට නියමිතයි.