තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොල්තෙල් මිල තවත් වැඩිවෙයිද?

    පොල්තෙල් මිල තවත් වැඩිවෙයිද?

    වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

    දේශීය නිෂ්පාදකයින්ගෙන් අය කළ බදු ඉහළ දමා පොල්තෙල් ආනයනකරුවන්ගේ බදු ඉවත්කිරීම තුළ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

    ඒ අනුව ඉදිරියේදී පොල්තෙල් බෝතලයක මිල රුපියල් 1000ක් දක්වා ඉහළ යාමේ ඉඩකඩක් පවතින බව ඔවුහු අනතුරු අඟවති.

    එළඹෙන උත්සව සමය අපේක්ෂාවෙන් පොල්තෙල් ආනයනකරුවන් තම තොග තබාගෙන සිටීම මෙම වැඩිවීමට හේතුව බව සමස්ත ලංකා සාම්ප්‍රදායික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    “අද වනතුරුත් මුදල් අමාත්‍යාංශය පොල්තෙල්වලට බදු පනවා නැහැ, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රෙගුලාසි ක්‍රියාත්මක කර නැහැ, පොල් සංවර්ධන අධිකාරියේ මැදිහත්වීමක් නැහැ.” එම සංගමයේ චෝදනාවයි.

    පොල්තෙල් මිල අඩු කිරීම සඳහා දේශීය කර්මාන්තකරුවන්ට, අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර දෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img