තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නීතීඥ බිරිඳ හා ගැටුණු නීතීඥවරියට පාට් දැමූ පොලිස් බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

    නීතීඥ බිරිඳ හා ගැටුණු නීතීඥවරියට පාට් දැමූ පොලිස් බුද්ධි නිලධාරියා අත්අඩංගුවට

    සිය නීතීඥ බිරිඳට බැණ වැදුණු බව කියන නීතීඥවරියකගේ කාර්යාලයකට අයුතු ලෙස කඩාවැදී ඇයට බැන තර්ජනය කළ බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භකර ඇත.

    මෙම බැන තර්ජනය කිරීම පසුගිය 15 වෙනිදා දහවල් කාලයේදී සිදුවී ඇත. ඒ සම්බන්ධයෙන් නොච්චියාගම කුසුම්පුර පදිංචිව සිටින නීතීඥවරියක් විසින් නොච්චියාගම පොලීසියට පැමිණිලිකර තිබුණි. එම පැමිණීල්ලකට අනුව විමර්ශනයක් පවත්වා උප පොලිස් පරීක්ෂකවරයාව නොච්චියාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයාට පොලිස් ඇප ලබාදෙමින් දෙපාර්ශවය සමථ මණ්ඩලයට යොමුකිරීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

    පොලිස් නිලධාරියාගේ නීතීඥ බිරිඳත් පොලිස් නිලධාරියාගේ තර්ජනයට ලක්වූ නීතීඥවරියත් නොච්චියාගම අධිකරණයේ වැඩි වශයෙන් දකින්නට ඇති නීතීඥවරියන් දෙදෙනෙකි. එක් නීතීඥවරියකට වැඩියෙන් නඩු ලැබීමත් අනෙත් නීතීඥවරියට අඩුවෙන් නඩු ලැබීමත් දෙදෙනා අතර ගැටුමට මුල්වී ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img