බීමත් පුද්ගලයකු විසින් කළ පහරදීමකින් මොරවැව පොලීසියේ නිලධාරීන් සිව් දෙනකු තුවාල ලබා මහදිවුල්වැව රෝහලට ඇතුලත්කර ඇත.
සැරයන්වරයන්වරු දෙදෙනෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකු මෙසේ තුවාල ලබා ඇතැයි මොරවැව පොලීසිය සඳහන් කරයි.
බීමතින් කළහාකාරී ලෙස හැසිරෙමින් සිටි පුද්ගලයෙකු සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඊයේ රාත්‍රී කාලයේදී ලද පැමිණිල්ලක් පරීක්ෂාකිරීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම කර තිබේ.
සැකකරු ත්‍රීකුණාමලය රොටවැව පදිංචි 42 හැවිරිදි වියේ පසුවන එස්. ඒ. සජිර්දීන් නැමැති පුද්ගලයෙකි.
119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද පැමිණිල්ලට අනුව රොටවැව ප්‍රධාන පාරේ නිවසක් වෙත පොලිස් කණ්ඩායම ගිය අවස්ථාවේදී මෙම පුද්ගලයා තමා ළග බෝම්බයක් ඇති බවත් එය පුපුරවාගෙන මරාගෙන මැරෙන බවටත් සඳහන්කරමින් පොලිස් නිලධාරීන්ට තර්ජනයකර තිබේ. මෙම තර්ජනය ඔහුකර ඇත්තේ සරමේ ගැටගසාගෙන සිටි යමක් බෝම්බයක් යැයි පෙන්වමිනි.
මෙම අවස්ථාවේදී එම ස්ථානයට ගොස් සිටි පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරු දෙදෙනෙකු රොටවැව පොලිස් මුරපොලට මේ බව දැනුම්දී අමතර පොලිස් භට කණ්ඩායමක් එම ස්ථානයට කැදවා තිබේ. ඒ අනුව රොටවැව පොලිස් මුරපොලේ සේවයේ නිරත සැරයන්වරයෙක් ඇතුළු කණ්ඩායමක් එහි පැමිණ සැකකරුව දැඩි පරීශ්‍රමයක් දරා මෙල්ලකර ඇත. එහිදී ඔහු පොලිස් නිලධාරීන්ට පොල්ලකින් කළ පහරදීමෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනා තුවාල ලබා ඇත.
සැකකරු අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂාවේදී ඔහු සතුව තිබී දේශීය වශයෙන් නිෂ්පාදිත බෝම්බයක් සොයාගත් බව මොරවැව පොලීසිය කියයි.