තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංවිම යෝජනා කළ අඩුවෙන විදුලි ගාස්තු මෙන්න..

    ලංවිම යෝජනා කළ අඩුවෙන විදුලි ගාස්තු මෙන්න..

    ලබන මාසයේ සිට විදුලි ගාස්තු සංශෝධනය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගිය සිකුරාදා(07) මහජන උපයෝගිතා කොමිසම වෙත සිය යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    ඒ සෑම වසරකම ත්‍රෛමාසිකව විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව ය.

    මහජන උපයෝගිතා කොමිසම විසින් මෙම ගාස්තු පිළිබඳ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන ගාස්තු තීරණය කරනු ඇති බව ද අමාත්‍යවරයා කීය.

    මෙම යෝජනාව යටතේ ස්ථාවර ගාස්තු එලෙසම පවතින අතර පරිභෝජනය අනුව බලශක්ති ගාස්තු අඩුකිරීමට යෝජනා කර ඇත.

    ඒ අනුව ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් සඳහා ඒකක 0 ත් 30ත් අතර මාසික ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 6 දක්වා රුපියල් 2කින් අඩු කිරීමට යෝජනා කර තිබේ.

    ඒකක 31 – 60 දක්වා විදුලිය පරිභෝජනය කරන්නන්ට රුපියල් 20 ක්ව පැවති ඒකකයක මිල රුපියල් 9 දක්වා රුපියල් 11 කින් අඩු කිරීමට ද, ඒකක 61 – 90 දක්වා ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමට එමගින් යෝජනා කර තිබෙනවා.

    ඒකක 91 – 120 දක්වා, රුපියල් 50ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා රුපියල් 20 කින් අඩු කිරීමටයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

    නව යෝජනාව යටතේ ගෘහස්ත අංශය, ආගමික අංශය, පොදු කාර්ය සහ රජයේ ගොඩනැගිලි යන අංශ සඳහා බලශක්ති ගාස්තු තවදුරටත් අඩුකිරීමේ යෝජනාව පහත පරිදි වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

    EC – බලශක්ති ගාස්තුව
    FC – ස්ථාවර ගාස්තුව



    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img