තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීනයේ යෝජනාවට ජගත් සංවිධානයේ අනුමැතිය

    චීනයේ යෝජනාවට ජගත් සංවිධානයේ අනුමැතිය

    ලෝක ශිෂ්ටාචාර අතර සංවාද වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් නම් කරන ලෙස චීනය ඉදිරිපත් කළ යෝජනාවට එක්සත් ජාතීන්ගේ අනුමැතිය හිමිවෙයි.

    ඉකුත් 7 වැනිදා පැවති 78 වැනි මහා සම්මේලන සැසිවාරයේ දී එම යෝජනාව ඒකමතිකව සම්මත කෙරිණ. ඒ අනුව, ජූනි 10 වැනිදා ජාත්‍යන්තර ශිෂ්ටාචාර  සංවාද දිනය ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය.
     
    ලොව සියලු ශිෂ්ටාචාර විසින් දිනාගැනුණු ජයග්‍රහණ සමස්ත මානව වර්ගයාගේ උරුමයන් බව එම යෝජනාවෙන් පෙන්වා දී තිබේ.

    ශිෂ්ටාචාරවල විවිධත්වයට ගරු කරමින් ලෝක සාමය පවත්වා ගැනීමේ දී මෙන්ම පොදු සංවර්ධනය හා මානව වර්ගයාගේ යහපැවැත්ම සහතික කිරීමේ දී ශිෂ්ටාචාර අතර සංවාදය තීරණාත්මක මෙහෙවරක් ඉටුකරන බව ද මින් අවධාරණය කර ඇත.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමේ කේන්ද්‍රීය හරයන් එහි අන්තර්ගත වේ. 

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img