තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් එක‍ට අනුරාධපුරේ යන්න මේ පාර කෝච්චි නෑ

    පොසොන් එක‍ට අනුරාධපුරේ යන්න මේ පාර කෝච්චි නෑ

    මහව සිට අනුරාධපුරය දක්වා වූ උතුරු දුම්රිය මාර්ගය මේ වන විට පීලි ගලවා මුළුමනින්ම අලුත් වැඩියා කරන බැවින් මෙවර පොසොන් වන්දනාව සඳහා බැතිමතුන්ට දුම්රිය පහසුකම් ලබාගැනීමට ඇති ඉඩ කඩ ඇහිරී ගොස් ඇත.

    එබැවින් මෙවර පොසොන් වන්දනාවේ යන බැතිමතුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ලංගම බස් රථ 400ක් අමතරව යෙදවෙන බව ලංගම සභාපති ලලිත්ද අල්විස් මහතා සදහන් කළේය .

    ගම්පහ සහ කොළඹ ලංගම ඩිපෝවල සහය ඇතුව මෙවර පොසොන් සමයේ අමතර බස්රථ 400 යෙදවෙන බව ද සභාපතිවරයා පැවසිය .

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img