fbpx
තවත්
    මුල් පිටුවspecialබංගලියන්ටත් පැරදුණු ලංකාව කබලෙන් ලිපට වැටෙයි

    බංගලියන්ටත් පැරදුණු ලංකාව කබලෙන් ලිපට වැටෙයි

    විස්සයි20 ලෝක කුසලානයේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන්ද බංග්ලාදේශය හමුවේ කඩුලු දෙකක පරාජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

    අමෙරිකාවේ ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේ අද(08) පැවැති තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට බාර කළේය.

    ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ලකුණු සංඛ්‍යාවකට යාම අවහිර කළ බංග්ලාදේශ පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 9ක් දවාගනිමින් ලකුණු පුවරුව 124කට සීමා කළහ.

    ජයග්‍රහණය හඹාගිය බංග්ලාදේශ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුවත් ලිටොන් ඩෑස්ගේ 36 (38) සහ තවුහිඩ් හඩොයි ගේ 40 (20) සාර්ථක පිතිහරඹය හමුවේ 19 වැනි පන්දුවාරයේ දී ජයග්‍රහණය ලබා ගැනීමට සමත්විය.

    ලකුණු 22කට කඩුළු 3ක් දවාගත් බංග්ලාදේශයේ රිෂාඩ් හුසේන්ට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

    මෙම ප්‍රතිඵලයත් සමඟ ලෝක කුසලාන තරගාවලියේ තවත් ඉදිරියට යාම ශ්‍රී ලංකා කණ්ඩායමට අසීරුවනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ මත පළ කරති.

    ශ්‍රී ලංකාව 124/9 (20)
    බංග්ලාදේශය 125/8 (19)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.