තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වර්ජනය තවදුරටත් -දුම්රිය ගමන් වාර ගණනාවක් අවලංගුයි

    වර්ජනය තවදුරටත් -දුම්රිය ගමන් වාර ගණනාවක් අවලංගුයි

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අදත්(08) ක්‍රියාත්මක වේ.

    මේ නිසා අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10 කට වඩා අවලංගු වී තිබේ.

    බඳවා ගැනීම් ප්‍රමාද වීම්, දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ විය.

    දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයට එක්වී සිටින බව වාර්තා වේ.

    මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය කියාසිටී.

    සිය උසස්වීම් ගැටලු මුල් කරගනිමින් දුම්රිය රියදුරන් 84 දෙනෙකු පමණක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව දැනගන්නට ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img