තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුව විජේදාසට එරෙහි වෙයි

    පොහොට්ටුව විජේදාසට එරෙහි වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට එරෙහි ව නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව අද (7) තීරණය කර තිබේ.

    ඒ පිළිබඳව විනය කමිටුව වෙත දැනුම්දීමට කටයුතු කර ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙර⁣මුණේ විධායක සභාව අද (07) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ද දැනුම් දී තිබුණි.

    ඊට තම සහය පළ කරන බව, මැයි දින රැළියකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පවසා තිබිණි.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබේ.

    මෙම සාකච්ඡා සඳහා පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බව වාර්තා වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img