ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(06) රාත්‍රියේ බත්තරමුල්ල වොටර්ස්එජ් හෝටලයේදී පවත්වා තිබේ.
එහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබද සාකච්ඡා සාකච්ඡා කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉදිරියේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.
එය ජයග්‍රහණය කිරීම සඳහා සැවොම එක්ව කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කර තිබේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න මෙහිදී මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් විමසා ඇත.
එයට පිලිතුරු දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරි දින කිහිපය ඇතුළත තමන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන බවයි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරුන් 31 දෙනෙකුද සහභාගි වී තිබේ.
මීට අමතරව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සභාපතිවරුන්ද ඊට කැඳවා ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හා එහි මහලේකම් සාගර කාරියවසම් යන මන්ත්‍රිවරුන් එම සාකච්ඡාවට සහභාගි වී නොමැති බවද එම ආරංචි මාර්ග සදහන් කළේය.
මීට වසර දෙකකට පෙර රට පැවති අවදානම් තත්ත්වය පිළිබඳව සිහිපත් කර ඇති ජනාධිපතිවරයා මේ වනවිට රට එම අවධානම් තත්ත්වයෙන් මිදෙමින් සිටින බවද මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.