fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"සජිත් එක්ක ආපහු විවාද නෑ"

    “සජිත් එක්ක ආපහු විවාද නෑ”

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ මින් මතු තවත් විවාදයකට නොපැමිණෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ(06) පැවසීය .

    ස්වාධීන රූපවාහිනී සංස්ථාව විකාශය කරන තුලාව දේශපාලන සංවාදයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා මේ බව අවධාරණය කළේය.

    අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වෙන විවාදයට ජුනි 06 වැනිදා වෙන් කිරීමට එම ආයතන කටයුතු කර තිබිණි. එසේ උවද සජිත් ප්‍රේමදාස මහතා මෙම විවාදයට නොපැමිණියේ තමන් එකඟ වී ඇති ආකාරයට විවාදය සංවිධානය නොවූ බව අවධාරණය කරමිනි.

    නායකත්ව විවාදය හා ආර්ථික විවාදය එකම වේලාවේ පවත්වනවා නම් විවාදයට බාධාවක් නොතිබුණු බව නිවුස්වේව් කළ විමසීමේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඒ අනුව සජිත්-අනුර විවාදයක් ලබන ජනාධිපතිවරණය තෙක් නොපැවැත්වෙනු ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.