fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධය මැද්දේ විදුලිබල පනත් කෙටුම්පත සම්මතයි

    විරෝධය මැද්දේ විදුලිබල පනත් කෙටුම්පත සම්මතයි

    ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

    ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේ පැවති විවාදයෙන් අනතුරුව ඡන්ද 44 කින් සම්මත විය.

    අද පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අවසානයේ විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර ඒ අනුව පක්ෂව ඡන්ද 103ක් සහ විපක්ෂව ඡන්ද 59ක් ලැබිණි.

    පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක් කළ අතර පසුව තුන්වැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.

    විදුලිබල ක්ෂේත්‍රයේ අවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම අරමුණු කරගත් පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 25 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    මෙම විදුලිබල පනත සඳහා විවිධ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වූ අතර අද මෙම කෙටුම්පත සම්මත වූයේ ඒ සියලු විරෝධතා මධ්‍යයේ ය.

    අද සම්මත වූ විදුලි බල පනත් කෙටුම්පත පහතින්.

    481-2024_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.