fbpx
තවත්

    ගංවතුර බැස යයි

    කළු ගඟ,කැලණි ගඟ සහ අත්තනගලු ඔය මේ වන විටත් අවදානම් තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එහි ඉංජිනේරු සකුරා දිල්තාරා මහත්මිය සඳහන් කළේ මේ නිසා ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇති බවයි.

    මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමද මේ වනවිට ක්‍රමයෙන් පහළ බසින බව ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා පැවසුවේ ගංවතුර අවධානම පහව ගියද නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.