ගම්මිරිස් අස්වැන්න සොර සතුරන්ගෙන් රැක ගැනීමට හිමි නමක් විසින් උන්වහන්සේ වැඩ සිටින නිවසක් වටා අටවා තිබුණු විදුලි උගුලකට හසුවී අපවත්ව ඇත.
කොලොන්න, මඩුවන්වෙල, කෝන්ගස්තොට නිවසක වැඩ සිටි කොලොන්න සෝභිත හිමි මෙසේ අපවත්ව ඇති බව කොලොන්න පොලීසිය සඳහන් කළේය.
උන්වහන්සේ වැඩ සිටින්නේ නිවසක බව පොලීසිය කියයි. එම නිවසේ කාමරයක ගම්මිරිස් අස්වැවැන්න ගබඩාකර තිබී ඇත.
එම ගම්මිරිස් අස්වැවැන්න රැක ගැනීමට හිමි නම විසින් විදුලි රැහැන් ඇද විදුලි උගුලක් අටවා තිබී ඇත. එම විදුලි උගුලටම උන්වහන්සේ හසුවී අපවත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.