වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්ෂක නිලධාරියකු මියගොස් ඇතැයි වාන් ඇල පොලීසිය සඳහන් කළේය.
කිරි ගවයින් බලා ගැනීමට පන්සල් ගොඩැල්ල තේක්ක වත්ත රක්ෂිතයේ රැදී සිටියදී වන අලි ප්‍රහාරයට ඔහු ලක්ව ඇත්තේ ඊයේ ය.
මෙසේ මියගොස් ඇත්තේ වාන්ඇල පන්සල් ගොඩැල්ලේ පදිංචිකරුවෙක් වන 41 හැවිරිදි එන්.ඒ. ජේ. නිශ්සංක නැමැති සිවිල් ආරක්ෂක බලකා සෙබලාය.