බස්නාහිර පළාතේ ගංවතුර බැස ගිය සියලුම පාසල් හෙට(05) යළි විවෘත කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විදුහල්පතිවරුන්ට උපදෙස් දී තිබේ.
මේ අතර රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට වසා තැබෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසයි.
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මතුවූ ආපදා තත්ත්වය සැළකිල්ලට ගෙන පාසල් පැවැත්වීම පිළිබඳ තීරණය කෙරේ.