තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යුක්‍රේන සාම සමුළුවට චීනය යන්නේ නෑ

    යුක්‍රේන සාම සමුළුවට චීනය යන්නේ නෑ

     
     
    යුක්‍රේන ගැටළුව පිළිබඳව ස්විට්සර්ලන්තයේ පැවැත්වීමට නියමිත සාම සමුළුවට සහභාගි නොවීමට ගත් තීරණය ‘සාමයට සහයෝගය නොදීමක්’ ලෙස අර්ථදැක්විය නොහැකි බව චීනය පවසයි.
     
    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව කියාසිටියේ ඊයේ (3) පැවති මාධ්‍ය හමුවක දීය. එම සමුළුවට එක්වන ඇතැම් රටවල් සැබැවින්ම සටන් විරාමයක් අපේක්ෂා නොකරන බවත්,  ක්‍රියාකාරිත්වය මගින් පමණක් වුව ද සැබෑ ස්ථාවරය සනාථ කළ හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
     
    ‘රුසියාව හා යුක්‍රේනය යන දෙපාර්ශ්වයේම පිළිගැනීම, විවිධ පාර්ශ්වයන්ගේ සමානාත්මතා සහභාගිත්වය, සියලු සාම ක්‍රියාමාර්ග පිළිබඳව සමානාත්මතාවයෙන් යුතුව සාකච්ඡා පැවැත්වීම යන පූර්ව කොන්දේසි මත’ සාම සමුළුව පැවැත්විය යුතු බව චීනයේ අදහසයි. එම කරුණු තුන සාක්ෂාත් කිරීමේ ලකුණක් දක්නට නොලැබීම හේතුවෙන් ඊට එක් නොවීමට චීනය තීරණය කළ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව පැවසුවාය. එම ස්ථාවරය සාධාරණ මෙන්ම යුක්තිසහගත වන අතර කිසිදු පාර්ශ්වයකට එරෙහි වන්නක් නොවේ. බහුතර පාර්ශ්ව චීනයේ ස්ථාවරය පිළිබඳව අවබෝධ කරගනු ඇතැයි විශ්වාස කරන බව ද ඇය කියාසිටියාය.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img