
අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පූර්ණ වශයෙන් හානි වූ නිවාස රජයේ වියදමින් සහ ත්රිවිධ හමුදාවේ සහය ඇතිව යළි ඉදිකර දීම වෙනුවෙන් අද(03) සවස හදිසි අමාත්ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ අග්රාමාත්යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය කර තිබේ.
අධික වැසි හේතුවෙන් පස් කඳු හෝ ගස් කඩා වැටීමෙන් දුම්රිය මාර්ග හා මහා මාර්ග අවහිර වී ඇත්නම් වහාම ප්රාදේශීය ඉංජිනේරු කාර්යාල දැනුවත් කරන ලෙසත්, ඊට අදාළව වහාම ක්රියාත්මක වීමේ සියලු බලතල ප්රාදේශීය ඉංජිනේරුවන් වෙත පවරා ඇති බවත් ප්රවාහන හා මහාමාර්ග අමාත්යාංශයේ ලේකම් ජනතාවට දැනුම් දෙයි.
ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්ය මුදල් ප්රතිපාදන දිස්ත්රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදල් අමාත්යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබුණි.
එළඹෙන ජූනි මස 05 වනදා පැවැත්වීමට නියමිතව තිබූ ජගත් පරිසර දින ජාතික සැමරුම් උළෙල වෙනුවෙන් වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන ආපදාවෙන් විපතට පත් වූ ජනතාව වෙනුවෙන් යොදවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ අතර අත්තනගලු ඔය පිටාර ගැලීමෙන් ගම්පහ ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබේ. අත්තනගලු ඔය මෙසේ පිටාර ගලමින් පවතින්නේ කිසිදු වැසි තත්ත්වයක් නොමැතිව බව ප්‍රදේශවාසීහු පවසති. ගම්පහ නගරයේ ද ස්ථාන රැසක් මේ වන විට ජලයෙන් යට වී ඇත. ගම්පහ ජාඇල බස් නැවතුම්පොළ, පැරැණි පොලිසිය, ගම්පහ රෝහල ඉදිරිපිට, ගම්පහ ඔරුතොට පාර මෙසේ දැනටමත් යටවී ඇත. තවදුරටත් ජලය වැඩිවෙමින් පවතින බව ද වාර්තා වේ.




මේ අතර හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සඳහා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සහ පොලීසිය අවශ්‍ය පරිද යොදවා ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් බෙල් 412 හෙලිකොප්ටර් යානය ද නෙළුව ප්‍රදේශයේ ස්ථානගත කර තිබේ.











අද පෙරවරුව වනවිට රටේ ආපදා තත්ත්වය පිළිබඳ ජාතික අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ පිටු 14කින් යුත් සවිස්තර වාර්තාව පහතින්.
Situation-Summary-Report-at-0600hrs-on-2024.06.03-NEW1