තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිවසක කාමරයක් පොලිසියෙන් හාරයි

    නිවසක කාමරයක් පොලිසියෙන් හාරයි

    ආණමඩුව පෙරමාකුත්තුව බෝගස්යාය පාරේ පිහිටි නිවසකට ගොස් එහි කාමරයක බිම හෑරූ පොලිස් කණ්ඩායමක් සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇත.

    ස්කෑන් යන්ත්‍රයක්ද රැගෙන විත් හය දෙනෙකුගේ පොලිස් කණ්ඩායමක් තමන් පුත්තලම විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් යැයි සඳහන්කරමින් ගෙබිම හා ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ස්කෑන් යන්ත්‍රයෙන් නිවසේ බිම පරීක්ෂාකර බැලීමෙන් අනතුරුව කාමරයේ යම් ස්ථානයක් සලකුණුකර බිම හාරා ඇති බවත් මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ දහවල් කාලයේදී බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම පිරිස මෙසේ නිවසේ කාමරයේ අඩි දෙකක් ගැඹුරට වලක් හාරා සෙව්වේ කුමක්දැයි පැහැදිලි නැතත් නිවෙස්හිමි කාන්තාවට පවසා ඇත්තේ නිවසේ බිම බඩු වගයක් සඟවා ඇති බවට ලද පෙත්සමකට අනුව බිම හාරන බව පැමිණි නිලධාරීන් පැවසූ බවය.

    photo – File Photo

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img