තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ල-මාතර සියලු පාසල් හෙට සහ අනිද්දාත් වැසේ

    ගාල්ල-මාතර සියලු පාසල් හෙට සහ අනිද්දාත් වැසේ

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (04) සහ අනිද්දා (05) වසා තැබීමට තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

    අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව හෙතම සඳහන් කළේය.

    ඒ අනුව දකුණු පළාත් අධ්‍යාපන බලධාරින් පාසල් වසා තැබීම සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

    ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යටවීම සහ නාය යෑමේ තර්ජනයට මුහුණ පෑම හේතුවෙන් මෙලෙස ගාල්ල සහ මාතර සියලු පාසල් වසා තබා දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img