තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිංගප්පුරුවේ සිට ආ යානයක් හදිසියේම මත්තලට ගොඩබස්වයි

    සිංගප්පුරුවේ සිට ආ යානයක් හදිසියේම මත්තලට ගොඩබස්වයි

    සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාව බලා මගීන් 204 දෙනෙකු සමග පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 309 දරන ගුවන් යානය, මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ වෙත හදිසියේ ගොඩබස්වා තිබේ.

    ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙනි.

    මෙහිදී ගුවන් යානයේ සිටි මගීන්ගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සියලුම විධිවිධාන යෙදවූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

    මගීන්ට සිය කැමැත්ත පරිදි මත්තල ගුවන් තොටුපළෙන් පිටවයාම හෝ, ගුවන්යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන්කරන තුරු රැඳීසිටීම සිදුකළ හැකි විය.

    කෙසේනමුත් සිවිල් ගුවන් සේවා නීතිරීති අනුව ගුවන් යානයේ කාර්ය මණ්ඩලයට රාජකාරී කිරීම සඳහා අවසර තිබූ කාලසීමාව ඉක්ම ගිය බැවින් ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙහිම රඳවා තැබීමට සිදු වූ බව ද ශ්‍රීලන්කන් ගුවන් සේවය පවසයි.

    ඒ අතර, තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් මෙම ගුවන් යානය සිංගප්පූරුවෙන් පිටත් වීම පැය 5 ක පමණ කාලයක් ප්‍රමාද වීම මෙම තත්ත්වයට බලපෑ තවත් හේතුවක් වූ බව ද එම ගුවන් සේවය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

    අද දින උදෑසන 10.00 ට, වෙනත් කාර්ය මණ්ඩලයක් සමගින් ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ බලා පිටත් විය.

    තාක්ෂණික දෝෂය හේතුවෙන් සහ පසුව ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදුවීම හේතුවෙන් මගීන්ට සිදු වූ අපහසුතාව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළකර සිටී.

    මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා මෙම පියවර ගැනීමට සිදු වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය පෙන්වා දෙයි.

    මේ වනවිට වෙනත් ගමනාන්තයන් කරා ගමන් කිරීමට නියමිතව සිටි මගීන්ට ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා හැකි සෑම උත්සහයක්ම දරමින් සිටින බව ද ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කළේ ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img