කොළඹ වරායට පැමිණි නෞකාවකින් ඉන්ධන ගොඩබාමින් සිටියදී සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
පසුගිය 30 වැනිදා එලෙස කාන්දු වී තිබුණේ, සිංගප්පූරුවේ සිට ඛනිජ තෙල් නීතීගත සංස්ථාව වෙත රැගෙන ආ පෙට්‍රෝචයිනා සමාගමට අයත් ඩීසල් ගෙන ආ නෞකාවකිනි.
ඒ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසියට පැමිණිලි කළ බව ද, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නෞකා සමීක්ෂණ අංශයේ නියෝජ්‍ය කළමනාකරු නීල් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ ය.