fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සුඩානයේ දරුවන් මිලියන 13කට ඉක්මනින් ආධාර ඕනෑ

    සුඩානයේ දරුවන් මිලියන 13කට ඉක්මනින් ආධාර ඕනෑ

     
    සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් එරට ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටිති. මේ වන විට සුඩානයේ දරුවන් මිලියන 13.6 කට මානුෂීය ආධාරවල හදිසි අවශ්‍යතාවක් පවතින බව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 29 වැනිදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
     
    ගැටුම් ආරම්භ වී වසරකට පසු, බොහෝ පාසල් වසා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. ආරක්ෂක අවදානම, ගුරු හිඟ වැටුප්, පාසල් නවාතැන්පොළවල් බවට පත්වීම, ඉගැන්වීම් උපකරණ නොමැතිකම සහ වෙනත් සාධක රැසක් හේතුවෙන් බොහෝ පාසල්වල අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම දුෂ්කර වී ඇත.
     
    සන්නද්ධ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා සුඩාන දරුවන් මිලියන 4.6 කට තම නිවහන අහිමි වී ඇති බවත්, ඔවුන් බලහත්කාරයෙන් අවතැන් කර ඇති බවත් එම වාර්තා‍ව කියයි.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.