තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර කෑම සෑහෙන වැඩිවෙලා

    බිත්තර කෑම සෑහෙන වැඩිවෙලා

    රට තුළ දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

    මීට පෙර මෙරට දෛනිකව කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් විය.

    පසුගිය මාස කිහිපය තුළ එම ප්‍රමාණය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි වාර්තා වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දේ.

    සංචාරක කර්මාන්තය තුළ මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, පසුගිය කාලය තුළ විවිධ හේතුන් නිසා මස් හා මාළු මිල ගණන් වරින්වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර ලෙස පසුගිය කාලය තුළ ජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ඡාවක දී සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම කරුණු අවධාරණය කර ඇත.

    කෙසේ වුවද බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නොමැත.

    එබැවින් ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදුකරන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට උපදෙස් දී තිබේ.

    මේ වනවිට මාසිකව කුකුළු බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කෙරේ.

    එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපල තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසත් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී උපදෙස් දී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img