කොටහේන පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙක් සතුව තිබී අස්ථානගතවූ තාවකාලික රියදුරු බලපත්‍ර පොතක් මහමග තිබියදී එය අහුලාගෙන නිවසට රැගෙන ගොස් රුපියල් 5,000 බැගින් තාවකාලික රියදුරු බලපත්‍ර විවිධ පුද්ගලයන්ට අලෙවි කළ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇත.
පොල්ගහවෙල පදිංචි 35 හැවිරිදි සැරයන්වරයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම නිලධාරියාගේ වැඩ තහනම් කර ඇත්තේ 2022 වසරේදීය.
කොටහේන පොලීසියේ රථවාහන අංශයේ සේවයේ නිරත කොස්තාපල්වරයකු පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ රථවාහන රාජකාරි සඳහා පොලිස් ස්ථානයෙන් පිටත්ව යන විට තාවකාලික රියදුරු බලපත්‍ර සහිත පොත රැගෙන ගොස් සිටියදී එය අස්ථානගතව තිබුණි.
එම පොත සොයා ගැනීමට නොහැකි වූ තැන ඔක්තෝබර් 19 වෙනිදා ඒ ගැන පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් කිරීමට එම කොස්තාපල්වරයා පියවර ගෙන තිබුණි.