fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනපති සටනට එන අය විධායක බලතල නැතිකරනවා කියා නෑ"

    “ජනපති සටනට එන අය විධායක බලතල නැතිකරනවා කියා නෑ”

    ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බව හෙතෙම අවධාරණය කරයි.

    ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.