fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලන්කන් විකුණන වැඩේ දෙවැනි අදියරටත් ඇවිත්

    ශ්‍රීලන්කන් විකුණන වැඩේ දෙවැනි අදියරටත් ඇවිත්

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගකරණය සඳහා සමාගම් 3ක් මේවනවිට ඉදිරිපත් ව සිටින බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් සමාගම් 2ක් විදේශීය සමාගම් වන අතර සෙසු සමාගම දේශීය සමාගමකි.

    ඉන් එක් සමාගමක් තෝරාගෙන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ඉදිරිපත්ව ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක බවයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයෝජනය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබාදී තිබූ කාලය පසුගිය මාර්තු 05 වැනි දා අවසන් වූ අතර එය තවත් දින 45කින් දීර්ඝ කිරීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කළේ ය.

    මේ අතර අමාත්‍යවරයා පැවසුවේ, සමාගමට නව ආයෝජකයෙකු සොයා ගැනීම සඳහා ඩොලර් බිලියන 1.2 ක් පමණ වන ණය ප්‍රමාණය අඩු කිරීමේ අවශ්‍යතාවය ගනුදෙනුවට අදාළව උපදෙස් දෙන ලෝක බැංකුවේ ආයෝජන උපදේශන ආයතනය වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෙවත් IFC ආයතනය උපදෙස්දී ඇති බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.