තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අරගලය අස්සේ රනිල්ගේ ගෙට රිංගා බඩු ඉස්සූ ගුරා කොටුවෙයි

    අරගලය අස්සේ රනිල්ගේ ගෙට රිංගා බඩු ඉස්සූ ගුරා කොටුවෙයි

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී අරගලය අස්සේ කොල්ලුපිටියේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට කඩාවැදී එහි දේපොල සොරාගත් ගුරුවරයකු වැලිපැන්නේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ලසන්ත ජයවර්ධන නැමැති 36 හැවිරිදි මෙම ගුරුවරයා රජයේ පාසලක ඉගැන්වීම් කටයුතුවල නිරතව සිටින්නෙක් බව සඳහන්ය.

    නවුත්තුඩුව, කිරන්තිඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම ගුරුවරයා අරගලය පැවති සමයේදී සක්‍රීයව අරගලයට සම්බන්ධ වී සිටියෙක් බව කියැවේ. මෙම ගුරුවරයා 2022 වසරේ ජූලි 09 වෙනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට කඩා පැන්න අරගලකරුවන් අතර සිටියෙක් බව හදුනාගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුට එල්ලවී ඇත්තේ නිවසේ දේපොල සොරා ගැනීම් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img