තවත්
    මුල් පිටුවදේශීය පුවත්ප්‍රංශ තානාපති ඇඳේදීම මියගිහින්

    ප්‍රංශ තානාපති ඇඳේදීම මියගිහින්

    මෙරට සිටින ප්‍රංශ තානාපති Jean-François මහතා අද අභාවප්‍රාප්ත වී තිබේ.

    ප්‍රංශ තානාපතිවරයා සුපුරුදු ලෙස අද කොළඹ පිහිටි නිල නිවසේ සිය කාමරයෙන් එළියට නොපැමිණීම පිළිබඳ විමසිලමත් වීමේදී සේවකයන්ට දැනගන්නට ලැබී ඇත්තේ ඔහු සිය ඇඳ මත මියගොස් සිටින බව ය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තලදුව මහතා පවසන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයකින් අනතුරුව මරණයට නිශ්චිත හේතුවක් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවයි.

    මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් හෙවත් සොකෝ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් විමර්ශනය කර ඇතත් සැකකටයුතු කිසිවක් අනාවරණය වී නැත.

    එබැවින් මෙම මරණය අපරාධ මේ සිද්ධියක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    තානාපතිවරයාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව තානාපති කාර්‍යාලය පවසයි.

    ඒ මහතා ශ්‍රී ලංකාවට සහ මාලදිවයින වෙනුවෙන් ප්‍රංශ තානාපතිවරයා ලෙස 2022 ඔක්තෝබරයේ සිට කටයුතු කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img