fbpx
තවත්
    මුල් පිටුවspecialරෝහලක ඇති වූ ගිනිනෙන් අලුත උපන් බිළිදුන් 6ක් මියගිහින්

    රෝහලක ඇති වූ ගිනිනෙන් අලුත උපන් බිළිදුන් 6ක් මියගිහින්

    ඉන්දියාවේ නවදිල්ලි අගනුවර රෝහලක ඇති වු ගින්නක් හේතුවෙන් අලුත උපන් බිළිඳුන් හය දෙනෙකු මරණය පත්ව ඇති බව නව දිල්ලි පොලිසිය සඳහන් කරයි.
    නව දිල්ලි නගරයේ විවේක් විහාර් ප්‍රදේශයේ රෝහලක මෙම ගින්න හටගෙන ඇත. ඉන්දීය පොලිසය සඳහන් කර ආකාරයට එම රෝහලේ ළදරු ඒකකයේ අලුත උපන් බිළිදුන් 12 දෙනෙකු සිටි ඇති බවට වාර්තා වේ.

    ගින්න හට ගැනීමත් සමඟ අදාල රෝහලේ හිමිකරු ප්‍රදේශයේ පළාගොස් ඇති බවත් ඔහුට එරෙහිව දැඩී නීතිමය පියවර ගන්නා බවටද නව දිල්ලි පොලිසිය ප්‍රකාශ කරයි.
    සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ නව දිල්ලි ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ ” එම සිදුවීම දැඩි ලෙස හද කම්පා කරවන” බවයි. ඒ අනුව සිද්ධියට හේතු විමර්ශනය කරමින් පවතින බවත් මෙම නොසැලකිල්ලට වගකිව යුතු පිරිසට තරා තිරම නොබලා නීතිමය පියවර ගන්නා බවද කෙජ්රිවාල් පවසයි.

    මේ අතර දිල්ලියේ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල් ගාර්ග් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 14ක් යවා ඇති බවයි. මෙම ගින්න ඔක්සිජන් සිලින්ඩරයක පිපිරීම හේතුවෙන් හටගෙන ඇති බවත් පසුව ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති බවද ගාර්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    අදාල ගොඩ නැගිල්ල තනි පියගැටපෙළකින් සමත්විතව තිබූ ඇති බවත් හදිසි ගිනි ගැනීමකදි පිටව යාමට මාර්ගයක් නොමැති නොමැති වීමත් මුදා ගැනීමේ කටයුුතු මන්දගාමී විමට හේතු වි ඇති බවට ගිනි නිවීමේ බලධාරීන් සඳහන් කරයි.
    මේ අතර රෝහල නිවාස බහුලව පිහිටි ඉතා අඩු ඉඩකඩක් පිහිටි ප්‍රදේශයක පිහිටි තිබූ අතර එහිදී නිසි ආරක්ෂක රෙගුලාසි භාවිතා කළේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවද බලධාරින් අනාවරණය කරයි.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.