තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොරොන්දුව නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ වර්ජනය නවතී

    පොරොන්දුව නිසා බන්ධනාගාර නිලධාරීන්ගේ වර්ජනය නවතී

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

    බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසන්නේ අද ( 21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර මේ පිලිබඳ විශේෂ සාකච්ඡාවක් පැවැති බවයි.

    අධිකරණ කටයුතු අඩාලවීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා වන ආකාරයට කටයුතු නොකරන ලෙසත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා එහිදී ඔවුන්ට දැනුම්දී තිබේ.

    බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීම සාධාරණ බැවින් එය ඉටුකිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට ඔවුන්ට සාධාරණයක් ඉටුකිරීමට තමන් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 20 වනදා සඳහන් කළේ ය.

    අධිකරණ අමාත්‍යවරයා විසින් ලබා දුන් එම පොරොන්දුව පිළිබඳව විශ්වාසය තබමින් වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කර සේවයට වාර්තා කරන බව වර්ජනයේ නිරත නිලධාරින් සඳහන් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img