තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වැටලීමකට ගිය පොලිසිය පස්සේ වල් ඌරෙක් පන්නයි

    වැටලීමකට ගිය පොලිසිය පස්සේ වල් ඌරෙක් පන්නයි

    නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් වැටලීමට ගිය අවිස්සාවේල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පස්සේ වල් ඌරෙක් පහරදීමට පැන්නීම හේතුවෙන් දිව යන්නට ගොස් පොලිස් නිලධාරියෙක් ඇද වැටීමකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ පසුගිය 18 වෙනිදා සවස් කාලයේදී බව අවිස්සාවේල්ල පොලීසිය කියයි.

    අවිස්සාවේල්ල සෙලුවකන්දේ ඇතැයි කියනු ලැබූ නීති විරෝධි මත්පැන් පෙරීමේ ස්ථානයක් වැටලීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇත.

    මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ පොලිස් සැරයන්වරයෙකි. ඔහුගේ දකුණු පාදයට හානි සිදුව ඇති බව පොලීසිය කියයි.

    අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙම නිලධාරියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img