නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමක නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු තිරප්පනේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
කවරක්කුලම පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම උප පොලිස් පරීක්ෂකවරයා මිහින්තලය, ඉහළග, නොච්චිකුලම ගම්මානයේ පදිංචිකරුවෙකි.
මෙම නිලධාරියා නීතිවිරෝධි මත්පැන් ජාවාරමක නිරතව සිටින බවට ඉහළ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තිරප්පනේ පොලීසිය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ඊයේ (19) වටලා තිබේ.
එහිදී නිවස තුළ තිබී නීතිවිරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා තඹ දඟරයක් හා නීතිවිරෝධිව පෙරන ලද මත්පැන් මිලිලීටර් 14,250ක් අඩංගු බැරලයක්, නීතිවිරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා ගෑස් ලිපක් ඇතුළු දේපොල රැසක් සොයාගෙන තිබේ.