තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්විවාදයට සජිත් දින දෙයි -අනුර?

    විවාදයට සජිත් දින දෙයි -අනුර?

    ජාතික ජන බලවේගය සමඟ පැවැත්වීමට යෝජිත විවාදය සඳහා දින කිහිපයක් නම් කරමින් සමගි ජන බලවේගය ලිඛිත දැන්වීමක් කර තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් එම ලිපිය යවා ඇති අතර එහි දැක්වෙන්නේ ආර්ථික කමිටු අතර විවාදය පළමුවෙන් පැවැත්විය යුතු බවටයි.

    ඒ අනුව ඒ සඳහා මැයි මස 27, 28, 29, 30,සහ 31 යන දිනයන් යෝජනා කර ඇති අතර ඉන් පහසු දිනයක් තෝරා ගන්නා ලෙස ජාතික ජන බලවේගයට දැනුම් දී ඇත.

    දෙපාර්ශවයේ නායකයන් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අතර විවාදය සඳහා ජුලි මස 3, 4, 5, 6, හෝ 7 අතර දිනයක් තෝරාගන්නා ලෙස ද යෝජනා කර තිබේ.

    එසේම එම විවිවාද දිනයන් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයෙන් කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අදාළ ලිපියේ සඳහන් කර ඇත.

    එම ලිපිය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img