අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොම්පඤ්ඤවීදිය පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොම්පඤ්ඤවීදිය දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් කුමාරරත්නම් මාවතේ පිහිටි මත්පැන් අලෙවි ස්ථානයක් අසලදී සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් පරීක්ෂාකර තිබේ. එහිදී එක් අයෙක් සතුව තිබී අයිස් මිලිග්‍රෑම් 13ක් හමුවී තිබේ.
ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එම පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සේවයේ නිරතව සිටින අය බවය.
මෙම නිලධාරීන් දෙදෙනා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අය බවට සැකයක් ඇතිවී තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනා අධිකරණණ වෛද්‍ය නිලධාරියෙක් හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතය.