fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙවර සාපෙළ විභාගයට සිටි සිසුන්ට පාසල්වල උසස් පෙළ පන්ති සූදානම්

    මෙවර සාපෙළ විභාගයට සිටි සිසුන්ට පාසල්වල උසස් පෙළ පන්ති සූදානම්

    මෙවර අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල අ.පො.ස. (උසස් පෙළ) පන්ති ජූනි මස 04 වෙනි දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාතයාංශය පවසයි.

    ඊට අදාල චක්‍රලේඛය මේ වනවිටත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කර තිබේ.

    එම චක්‍රලේඛය සියලු‍ම පළාත්වල අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත.

    මෙම චක්‍රලේඛය මේ වනවිටත් ලැබී නොමැති විදුහල්පතිවරුන් ඇත්නම් ඒ පිළිබඳව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාලවලින් විමසිය හැකි අතර පාසල් සිසුන්ට වැඩිදුර තොරතුරු අදාල පාසලේ විදුහල්පතිවරයාගෙන් ලබා ගත හැකි බව එම අමාත්‍යාංශය දන්වා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.