fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිල අඩුකරන මණ්ඩලේ යෝජනා තවම නෑ

    විදුලි බිල අඩුකරන මණ්ඩලේ යෝජනා තවම නෑ

    විදුලිබිල අඩුකිරීම සඳහා වන ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනා ඉදිරිපත් කිරීමට හෙට (17) දිනය දක්වා මහජන උපයෝගීතා කොමිසම කාලය ලබාදී තිබේ.

    එම යෝජනා කොමිසම වෙත ලබාදීමට නියමිතව තිබුණේ මැයි පළමු වැනිදා ය.

    එහෙත් විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමක් මත එම කාලය පසුගිය 10 වන දින දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබුණි.

    එහෙත් පසුගිය 10 වන දිනයේ ද ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ යෝජනා කොමිසම වෙත ඉදිරිපත් කර නැත.

    ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට යළි සිහිකැඳවීමක් කර තිබේ.

    අදාළ යෝජනා ලැබීමෙන් පසු විදුලිබිල අඩු කිරීම සඳහා වන ක්‍රියාදාමය ආරම්භ වනු ඇත.

    විදුලිබිල අඩුකිරීමේ ප්‍රතිශතය ජූලි මාසයේදී ප්‍රකාශ කිරීමට මහජන උපයෝගීතා කොමිසම අපේක්ෂා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.