fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"මට ඡන්ද නොලැබුණාට කමක් නෑ, රටේ දරුවන් වෙනුවෙන් මතට තිත තියනවා"

    “මට ඡන්ද නොලැබුණාට කමක් නෑ, රටේ දරුවන් වෙනුවෙන් මතට තිත තියනවා”

    මත්පැන් බලපත්‍ර ලබාදීම හරහා බරපතල දේශපාලන සූදුවක් සිදුවන බව විපක්ෂ නායක සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    මේ තුළින් ඡන්ද හැදී මුදල් ලැබුණත් රටටත් ජනතාවටත් තරුණයන්ටත් සෙතක් නොවන බව හෙතෙම කියාසිටී.

    අද වන විට දුම්කොළ සමාගම් බලවත් වී ඇති බවත් මේ සමාගම්වලට ඕනැම ප්‍රබලයෙක් මුදලට ගෙන තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු පැහැර හරින බවත් හෙතෙම අනාවරණය කරයි.

    දේශපාලනඥයන් රෝහල්වලට උපකරණ දීම විවෘත කරනවා සේම මත්පැන් මත්කුඩු නිසා හානිය ගැන එළිපිට කතා කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

    මුදල් බලය තිබු පමණින් එය උපයෝගී කර ගෙන බදු පැහැර හරිනවා පමණක් නොව රටේ ජනතාවත් දරු පරපුරත් තරුණ පරපුරත් මරණ මංචකයට යවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හුස්ම වැඩසටහනේ 60 වැනි අදියර යටතේ මහර මල්වතු හිරිපිටිය රෝහලට රු. 1,300,000 ක් වටිනා Mini Autoclav 1 හා Pulse Oximeter 1 පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.