වැඩවර්ජන හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැවන්ත අර්බුදයකට මුහුණ පා ඇති බැවින් අධ්‍යාපනයේ නාමයෙන් දරුවන් ගැන සිතා රැකියාවට පැමිණෙන්නැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සියලු අනධ්‍යයන සේවකයන්ගෙන් ඉල්ලීමක් කළේය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා එම ඉල්ලීම කළේය.
අනධ්‍යන සේවක ගැටලුවලට රජය සමඟ සාකච්ඡාකර විසදුම් ලබාගැනීමට කටයුතු කරමු යැයිද ඔහු අනධ්‍යන සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.