තවත්

    හෙජින් නැවතත්

    ජාත්‍යන්තර වෙළඳපොළ තුළ සිදු වන ඛනිජ තෙල් මිල උච්චාවචනයන් පදනම් කරගෙන ඇතිවන අවධානම් අවම කිරීම සඳහා හෙජින් හෙවත් ඉදිරි සුරැකුම් ගනුදෙනුවලට යොමු වීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (14) සඳහන් කළේය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරි සුරැකුම් ගනුදෙනු (හෙජින් ගිවිසුම්) සඳහා යොමු වන්නේද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.

    2010 වර්ෂයේ සිට මේ දක්වා සංස්ථාව සුරැකුම් ගනුදෙනුවලට නිරත වී නොමැති බව ද ඇමැතිවරයා මෙහිදී කීවේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img