තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගාල්ලේ නියාමකවරිය ඝාතනයට ජේලර්වරියකගෙන් රැඳවියකුට කොන්ත්‍රාත්තුවක්

    ගාල්ලේ නියාමකවරිය ඝාතනයට ජේලර්වරියකගෙන් රැඳවියකුට කොන්ත්‍රාත්තුවක්

    ගාල්ල බන්ධනාගාරයේ සේවයේ නිරත නියාමකවරියක් ඝාතනය කිරීමට ජේලර්වරියක් විසින් එම බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා සිටින කාන්තා රැදවියෙකුට කොන්ත්‍රාත්තුවක් ලබාදීමක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භකර ඇත.

    බන්ධනාගාරයේ කාන්තා අංශයේ රදවා සිටින කාන්තා රැදවියක් විසින් ලබාදුන් තොරතුරකට අනුව නියාමකවරිය මේ ගැන පොලීසියට පැමිණිලිකර තිබේ.

    මෙම ජේලර්වරිය සහ නියාමකවරිය අතර කාලයක් තිස්සේ උසස් වීම් සම්බන්ධයෙන් ගැටුමක් තිබී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම සිදුවීම මතුවී ඇති බව පෙනී යන්නේ යැයි දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසීය.

    අධිකරණයටද මේ ගැන පොලීසිය අද කරුණු වාර්තා කරනු ලැබීය. ඒ අනුව ඉදිරි දිනකදී පොලීසිය බන්ධනාගාරයට ගොස් කොන්ත්‍රාත්තුව භාරගත්තේ යැයි කියන කාන්තා රැදවියාගෙන් ප්‍රශ්න කිරීමටද නියමිතව ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img