fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් අණ නොතකා පලායද්දී තාප්පයක ගැටී යතුරුපැදිකරු මරුට

    පොලිස් අණ නොතකා පලායද්දී තාප්පයක ගැටී යතුරුපැදිකරු මරුට

    පොලිස් අණ නොතකා පළායමින් තිබුුණු යතුරුපැදියක් පස්සේ පොලිස් රථවාහන අංශයේ නිලධාරීන් ව පන්නමින් සිටියදී පළායමින් තිබුණු යතුරුපැදිය අධික වේගය හේතුවෙන් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් ඇත.

    මෙම අනතුර සිදුව ඇත්තේ යාපනය පලාලි මාර්ගයේ චුන්නාකම් පොලිස් වසමේ පිහිටි පිල්ලේයාර් කෝවිල අසලදී ඊයේ රාත්‍රී කාලයේදීය.

    පලාලි පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන් ඒ.ඒ.සී. කරුණාරත්න සහ පොලිස් කොස්තාපල් එම්.ඒ. නිශාන්ත යන නිලධාරීන් දෙදෙනා ඊයේ රාත්‍රී කාලයේදී පලාලි වසාවිලාන් බස් නැවතුම් පොල ඉදිරිපිට රථවාහන නඩු ලබා ගැනීමේ රාජකාරියේ නිරතව සිට ඇත.

    එහිදී මාර්ගයේ ගමන් කරමින් ඇති යතුරුපැදි අහඹු ලෙස නවතා රියදුරු බලපත්‍ර ඇතුළු නියවිලි පරීික්ෂා කරමින් පොලිස් නිලධාරීන් එම ස්ථානයේ -රැදී සිට ඇත. NP-WQ 6030 අංකය දරණ යතුරුපැදියද එහිදී පොලිස් නිලධාරීන් නතරකිරීමට සංඥාකර ඇතත් එය පොලිස් අණ නොතකා වේගයෙන් ධානවයකර තිබේ. එවිට පොලිස් නිලධාරීන් WP-BIK 3423 අංකය දරණ පොලිස් යතුරු පැදියෙන් පළායමින් තිබුණු යතුරු පැදිය පස්සේ පන්නා ඇත.

    යතුරුපැදිය ධාවනය වී ඇත්තේ යාපනය පලාලි මාර්ගයේ චුන්නාකම දෙසටය. පොලිස් යතුරුපැදිය පස්සෙන් පැන්නීම හේතුවෙන් පළායමින් තිබුණු යතුරු පැදියද වේගයෙන් ධානනය කිරීමට පැදිකරු පියවර ගෙන ඇත. එම රථය එකවරම පුල්ලේයාර් කොවි අසලදී පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇති බව පොලීසිය කියයි.

    මෙම අනතුරින් පැදිකරු බරපතල ලෙස තුවාල ලබා ඇත. ඔහුව තෙලිප්පලේ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

    මෙම අනතුර සිදුවූයේ පොලිස් නිලධාරීන් යතුරුපැදිය පස්සේ පැන්නීම හේතුවෙන් යැයි මෙහිදී පොලීසියට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අනතුර වූ ස්ථානයේ රැස්වී උද්ඝෝෂණයකද නිරතව ඇත. එම උද්ඝෝෂකයන් කලහාකාරී වෙමිනන් පොලිස් යතුරුපැදියටද පහරදී හානිකර තිබේ.

    මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් පොලිස් යතුරුපැදියට පහරදුන් පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බවත් චුන්නාකම් පොලීසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img