තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් අණ නොතැකූ ලොරියට වෙඩි

    පොලිස් අණ නොතැකූ ලොරියට වෙඩි

    පොලිස් අණ නොතකා අද අළුයම ධාවනය වූ ලොරි රථයකට මීරිගම ඉදිපරපේ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් වෙඩි තබා ඇත.

    වෙඩි ප්‍රහාර හමුවේ ලොරි රථය පළාගොස් තිබේ. පොලිස් නිලධාරීන්ද එම රථය පස්සේ පන්නා ඇත. වෙඩි වැදී තිබී ඇත්තේ ලොරි රථයේ ටයර් වලට බැවැන් වැඩි දුරක් රථයට ධාවයන කිරීීමට හැකියාවක් ලැබී නැත. එබැවින් ලොරි රථය අතර මග අතහැර එහි සිටි සැකකරුවන් පළාගොස් තිබේ.

    පොලිස් නිලධාරීන් ලොරි රථය අතහැර දමාගොස් තිබුණු ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එළගවයින් දෙදෙනෙක් ලොරි රථයේ පිටුපස ප්‍රවාහනයකරමින් තිබී ඇත. පොලීසිය විශ්වාසකරනු ලබන්නේ එම ගවයින් දෙදෙනා සොරාගෙන යමින් සිටියදී මෙසේ පොලිස් අණ නොතකා ධාවනයකර ඇති බවය.

    රථය වැඩිදුර පරික්ෂා කිරීමේදී රියදුරු අසුන යට තිබී අත්බෝම්බයක් හමුවූ බව පොලීසිය කියයි. ලොරි රථයේ සවිකර තිබී ඇත්තේ DAA 9880 ලෙසිණි. විමර්ශනයේදී හෙළිවී ඇත්තේ එය ව්‍යාජ අංකයක් බවත් රථයේ නිවැරදි අංකය DAG 3417 බවය.

    එම අංකයට අනුව රථයේ හිමිකරුවන් හදුනාගෙන හොර හරක් රැගෙන යමින් සිටියදී පළාගිය පිරිස සොයා විමර්ශන පවත්වන බව මීරිගම පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img