fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රජයේ නිලධාරීන්ට දුන් බදු සහන බලපත්‍රවලිනුත් විශාල බදු වංචාවක්

    රජයේ නිලධාරීන්ට දුන් බදු සහන බලපත්‍රවලිනුත් විශාල බදු වංචාවක්

    රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් අලුතින් විමර්ශනය කිරිමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර ලබාදී තිබේ.

    ඒ 2011 වසරේ සිට 2014 වසර දක්වා නිකුත් කරන ලද තීරුබදු සහන බලපත්‍ර්‍ර ඇසුරින් සිදුවූ වංචාවක් පිළිබඳවයි.

    අධිකරණය මෙම නියෝගය කර ඇත්තේ අදා< විමර්ශනය අභියෝගයට ලක්කරමින් ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් නැමති පුද්ගලික සමාගම ගොනු කළ රිට් පෙත්සමක් ඊයේ නිෂ්ප්‍රභ කරමිනි.

    එම මෝටර් රථ ආනයනය කිරීමේදී අඩු වටිනාකම් පෙන්වීමෙන් බදු වංචාවක් සිදුවී ඇතැ‍යි පවසමින් රේගු අධ්‍යක්ෂවරයා විසින් පෙත්සම්කාර සමාගමට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    එහිදී පෙත්සම්කාර සමාගම වරදක් සිදුකර ඇති බැවින් මෝටර් රථයකට රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කරමින් විමර්ශනය අවසන් කිරීමට රේගු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණි.

    එහෙත් අදාළ සමාගම ඊට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම මෝටර් රථ ගනුදෙනුවේදී මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවී ඇති බවට ජර්මානු රේගුව විසින් ශ්‍රී ලංකා රේගුව වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

    ඒ අනුව නව සාක්ෂි සහ කරුණු ඉදිරිපත් වී ඇති හෙයින් නව විමර්ශනයක් ආරම්භ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේ ය.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ එකඟත්වය සහිතව විනිසුරු ශෂී මහේන්ද්‍රන් මෙම තීන්දුව ලබාදී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.